Posts

කුරක්කන් හැලප

Image
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි ග්‍රෑම් 250 හාල්පිටි ග්‍රෑම් 250 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ගාගත් පොල් ගෙඩි 1 කුඩු කරගත් කරදමුංගු කරල් 3-4 ලුණු රසය අනුව සාදා ගන්නා ක්‍රමය : පැණි උණු වෙන්නට තබන්න. උණු වෙන විට එයට පොල් හා කරදමුංගු කුඩු හා ලුණු දමා පැණි පොල් මිශ්‍රනය සාදාගන්න. කුරක්කන් පිටි සහ සහල් පිටි හොදින් කවලම් කරන්න. එයට පැනිපොල් දමා හොදින් මිශ්‍ර කරන්න. සෝදා පිරිසිදු කර පිසදාගත් කැන්ද කොළ මත මිශ්‍රණයෙන් ටික බැගින් තබා කොලය දෙසට නවා තුනී කරන්න. වාෂ්පයෙන් තම්බා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

බනානා හනි බෝල්ස්

Image
අවශ්‍ය  දේවල්  ඉදුණු කෙසෙල් ගෙඩි - 10 - 15 පාන්පිටි - 100g වියළි මිදි - 30g කපාගත් කජු - 50g කුරුඳු කුඩු තේ හැඳි - 1/2 පොල් හෝ කිතුල් පැණි බැද ගැනීමට තෙල් පිළියෙල කරන ආකාරය කෙසෙල් ගෙඩි ලෙල්ල ඉවත්කර ගෙන හොඳින් අතින් පොඩිකර එයට පාන්පිටි, මිදි, කජු, කුරුඳු කුඩු දමා හොඳින් අනාගන්න. ඉන්පසුව කැමැති ප්‍රමාණයේ කෑලි කඩා බෝල කඩා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න. බැදගත් විගස පැණි භාජනයකට දමා ගන්න. හවස තේ මේසයට අතුරුපසක් ලෙස එක්කර ගැනීමට කදිමයි.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කලු දොදොල්

Image
උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද? අවශ්‍ය ද්‍රව්‍ය : පොල් ගෙඩි දෙකක කිරි හාල් පිටි හුණ්ඩුවක් හකුරු රාත්තල් 1පොල් පැණි කජු ලුණු සාදා ගන්නා ක්‍රමය : හකුරු ලියාගෙන එයට පොල් කිරි, පොල් පැණි, ලුණු. කරදමුංගු එක කර ලිප තබා හැදි ගාන්න. බොහෝ වේලාවක් මෙය හැදි ගාගත යුතු අතර පදම් වන විට එන තෙල් ඉවත් කරගන්න. හොදින් පදම් වූ විට තෙල් කඩදහියක දමා කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

වැලි තලප

Image
අවශ්‍ය ද්‍රව්‍ය :-     හාල් පිටි     පැණි කෝප්ප 4     සීනි කෝප්ප 1     වතුර ලුණු     කරගමුන්ගු සාදන ක්‍රමය :- හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ නිසා රයිස් කුකරයේ ස්ටීමරයේ තැන්බීම පහසු වේ. දැන් සීනි සහ පැණි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

තල කැරලි

Image
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද? අවශ්‍ය ද්‍රව්‍ය : සෝදා පිරිසිදු කල තල ග්‍රෑම් 500 හකුරු කි.ග්‍රෑම් 1 පොල් හීනිය‍ට ගා බැදගත් ග්‍රෑම් 100 ලුණු ස්වල්පයක් සාදා ගන්නා ක්‍රමය : පොල්, හකුරු, ලුණු එකට දමා කොටන්න. ඉන්පසු එයට තල එක්කර අනා ගන්න. මෙය වියලීමට පෙර ගුලි සකසා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

කජු ටොපි

Image
අවශ්‍ය දුව්‍ය     රටකජු 250g     කජු 250g     සීනි 750g     වතුර 125ml     වැනිලා 1Tsp     බටර් 1Tsp     මිල්ක්මේඞ් 10Tsp සදන ක්‍රමය රටකජු හා කජු කුඞා කැබලි වලට කපාගන්න භාජනක් ලිප තබා මිල්ක්මේඞ් බටර් සීනි හා වතුර එක්කර දියවනතුරු හැදිගාන්න එයට කජු එක්කර පදම එනතුරු තබා ලිපෙන් බාන්න වැනිලා එකතුකරන්න බටර් ගාගත් තැටියක මිශ්‍රනය තුනීකර අශ්‍ය හැඞයට කපාගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

පොල් කිරිටොෆි

Image
අවශ්‍ය ද්‍රව්‍ය: පොල් පැණි කෝප්ප 1 පොල් කිරි කෝප්ප 4 බැදපු පිටි ග්‍රෑම් 150 සීනි කිලෝ ග්‍රෑම් 1 වැනිලා ස්වල්පයක් සාදන ක්‍රමය: පොල් පැණි, පොල් කිරි, සීනි සාස්පානකට දමා ළිපේ තබා හැඳි ගාමින් උතුරුවා ගන්න. ඉටි බින්දුවක පදමට එන විට පිටි හා වැනිලා යොදා බාගන්න. නිවුණු පසු බන්දේසියක තුනී කර කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us