කොකිස්



අවශ්‍ය ද්‍රව්‍ය
  1. හාල් පිටි 400
  2. ලුණු තේ හැඳි ½
  3. බිත්තර2
  4. පොල් කිරි (උකු මිටිකිරි) කෝප්ප 2
  5. පොල් තෙල්
  6. කහ කුඩු තේ හැඳි ½
  7. සිහින්ව ලියා ගත් කරපිංචා මේස හැඳි 2
සාදන ආකාරය

පිටි ටික කීප වරක්ම හොඳින් හලා ගන්න. භාජනයක් ගෙන එයට පිටි,බිත්තර,කහ,ලුණු, හා පොල් කිරි දමා උකු මිශ්‍රණයක් සාදා ගන්න. කුඩාවට ලියා ගත් කරපිංචා ද දමා හොඳට කලවම් කරන්න. දැන් පිටි මිශ්‍රණය පැය ½ ක් පමණ වසා තබන්න. තාච්චියක් ගෙන එයට තෙල් දමා ලිප තබන්න. කොකිස් අච්චුව ගෙන රත්වු තෙලට දමා ටික වේලාවක් තබා ඉවතට ගන්න. දැන් කොකිස් පිටි බදුනට කොකිස් අච්චුව දමා එහි උසින් ¾ ක් පමණ වැසෙන සේ පිටි ද්‍රාවණය තුලට බස්සන්න. දැන් නැවත රැගෙන රත් වු තෙලට දමා බැ‍ෙදන්නට හරින්න.‍ෙකාකිස් අචිචුව තාචිචියේ අඩියේ ගාවන්න එපා. බැදීගෙන එන විට මහත ඉරටුවක් හෝ කූරක් ගෙන කොකිස තුවාල නොවන සේ ඇන කොකිස ගලවා බැද ගන්න. කොකිස් පිටි මිශ්‍රණයේ උකු අඩු හෝ වැඩි ගතිය පොල් කිි මිශ්‍රකරමින් සාදා ගන්න.සාදා ගත් කොකිස් සුලං නොවදින සේ මුට්ටියක අසුරා තබන්න.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments