අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි කිලෝ 1
- සීනි කිලෝ 1
- කජුමද ටිකක්
මුලින්ම පිටි බැදගන්න. ඉන්පසු සීනි ටික උණුකර එයින් පැණි ටිකක් අයින් කර තබන්න. ඉන්පසු පැණිටික ලිපෙන් බාගෙන ටිකක් නිවෙන්නට තබා පිටි ටික ටික පැණි එකට දමා මිශ්‍රකරන්න. මෙහිදී මිශ්‍රණයට පිටි හා පැණි ගානට තිබිය යුතුයි. ඉන්පසු පදමට එනවිට බැදගත් පිටි ටිකක් ඉහිර වූ තැටියක දමා අවශ්‍ය හැඩයකට කෑලි කපාගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment