Posts

Showing posts from October, 2018

බනානා හනි බෝල්ස්

Image
අවශ්‍ය  දේවල්  ඉදුණු කෙසෙල් ගෙඩි - 10 - 15 පාන්පිටි - 100g වියළි මිදි - 30g කපාගත් කජු - 50g කුරුඳු කුඩු තේ හැඳි - 1/2 පොල් හෝ කිතුල් පැණි බැද ගැනීමට තෙල් පිළියෙල කරන ආකාරය කෙසෙල් ගෙඩි ලෙල්ල ඉවත්කර ගෙන හොඳින් අතින් පොඩිකර එයට පාන්පිටි, මිදි, කජු, කුරුඳු කුඩු දමා හොඳින් අනාගන්න. ඉන්පසුව කැමැති ප්‍රමාණයේ කෑලි කඩා බෝල කඩා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න. බැදගත් විගස පැණි භාජනයකට දමා ගන්න. හවස තේ මේසයට අතුරුපසක් ලෙස එක්කර ගැනීමට කදිමයි.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කලු දොදොල්

Image
උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද? අවශ්‍ය ද්‍රව්‍ය : පොල් ගෙඩි දෙකක කිරි හාල් පිටි හුණ්ඩුවක් හකුරු රාත්තල් 1පොල් පැණි කජු ලුණු සාදා ගන්නා ක්‍රමය : හකුරු ලියාගෙන එයට පොල් කිරි, පොල් පැණි, ලුණු. කරදමුංගු එක කර ලිප තබා හැදි ගාන්න. බොහෝ වේලාවක් මෙය හැදි ගාගත යුතු අතර පදම් වන විට එන තෙල් ඉවත් කරගන්න. හොදින් පදම් වූ විට තෙල් කඩදහියක දමා කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

වැලි තලප

Image
අවශ්‍ය ද්‍රව්‍ය :-     හාල් පිටි     පැණි කෝප්ප 4     සීනි කෝප්ප 1     වතුර ලුණු     කරගමුන්ගු සාදන ක්‍රමය :- හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ නිසා රයිස් කුකරයේ ස්ටීමරයේ තැන්බීම පහසු වේ. දැන් සීනි සහ පැණි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

තල කැරලි

Image
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද? අවශ්‍ය ද්‍රව්‍ය : සෝදා පිරිසිදු කල තල ග්‍රෑම් 500 හකුරු කි.ග්‍රෑම් 1 පොල් හීනිය‍ට ගා බැදගත් ග්‍රෑම් 100 ලුණු ස්වල්පයක් සාදා ගන්නා ක්‍රමය : පොල්, හකුරු, ලුණු එකට දමා කොටන්න. ඉන්පසු එයට තල එක්කර අනා ගන්න. මෙය වියලීමට පෙර ගුලි සකසා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

කජු ටොපි

Image
අවශ්‍ය දුව්‍ය     රටකජු 250g     කජු 250g     සීනි 750g     වතුර 125ml     වැනිලා 1Tsp     බටර් 1Tsp     මිල්ක්මේඞ් 10Tsp සදන ක්‍රමය රටකජු හා කජු කුඞා කැබලි වලට කපාගන්න භාජනක් ලිප තබා මිල්ක්මේඞ් බටර් සීනි හා වතුර එක්කර දියවනතුරු හැදිගාන්න එයට කජු එක්කර පදම එනතුරු තබා ලිපෙන් බාන්න වැනිලා එකතුකරන්න බටර් ගාගත් තැටියක මිශ්‍රනය තුනීකර අශ්‍ය හැඞයට කපාගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

පොල් කිරිටොෆි

Image
අවශ්‍ය ද්‍රව්‍ය: පොල් පැණි කෝප්ප 1 පොල් කිරි කෝප්ප 4 බැදපු පිටි ග්‍රෑම් 150 සීනි කිලෝ ග්‍රෑම් 1 වැනිලා ස්වල්පයක් සාදන ක්‍රමය: පොල් පැණි, පොල් කිරි, සීනි සාස්පානකට දමා ළිපේ තබා හැඳි ගාමින් උතුරුවා ගන්න. ඉටි බින්දුවක පදමට එන විට පිටි හා වැනිලා යොදා බාගන්න. නිවුණු පසු බන්දේසියක තුනී කර කෑලි කපා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

රුලං

Image
අවශ්‍ය ද්‍රව්‍ය රුලං 250 g සීනි 500 g වතුර කෝප්ප 1 රෝස එසන්ස් හා කලරින් ස්වල්පයක් කජු 100 g සාදා ගැනීම පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කර උතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න. ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

අළුවා

Image
අවශ්‍ය ද්‍රව්‍ය හාල්පිටි කිලෝ 1 සීනි කිලෝ 1 කජුමද ටිකක් සාදන ආකාරය මුලින්ම පිටි බැදගන්න. ඉන්පසු සීනි ටික උණුකර එයින් පැණි ටිකක් අයින් කර තබන්න. ඉන්පසු පැණිටික ලිපෙන් බාගෙන ටිකක් නිවෙන්නට තබා පිටි ටික ටික පැණි එකට දමා මිශ්‍රකරන්න. මෙහිදී මිශ්‍රණයට පිටි හා පැණි ගානට තිබිය යුතුයි. ඉන්පසු පදමට එනවිට බැදගත් පිටි ටිකක් ඉහිර වූ තැටියක දමා අවශ්‍ය හැඩයකට කෑලි කපාගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us